අල්-ෂිෆා රෝහල ආරක්ෂා කළ යුතු බවට බයිඩන්ගෙන් ප්‍රකාශයක්

අල්-ෂිෆා රෝහල ආරක්ෂා කළ යුතු බවට බයිඩන්ගෙන් ප්‍රකාශයක්

ගාසා තීරයේ අල්-ෂිෆා රෝහල ආරක්ෂා කරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජනපදය ඊශ්‍රායල ජාතිකයන් සමඟ සම්බන්ධ වී සිටින බවත්  අඩු ආක්‍රමණශීලී ක්‍රියාවක් සිදුවනු ඇතැයි බලාපොරොත්තුව සහ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා පවසනවා .

රෝහල ආරක්ෂා කළ යුතු බවයි ඔහු වාර්තාකරුවන්ට සඳහන් කරන්නේ .

ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරමින් සිටින බැවින් ගාසා නගරයේ රෝහල ආසන්නයේ පසුගිය දිනවල සටන් ඇවිලී ගිය බවයි විදෙස් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කර සිටියේ

ආධාර ලබාදීමට සහ මිනිසුන්ට ගාසා තීරයට ඇතුළුවීමට සහ පිටවීමට ඉඩ සැලසීම සඳහා බොහෝ රටවල් මානුෂීය විරාමයන් ඉල්ලා සිටින අතර තවත් රටවල් කිහිපයක් සම්පූර්ණ සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා

පසුගිය සතියේ එක්සත් ජනපදය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ ප්‍රහාර දිගටම කරගෙන යන අතරතුර  දිනපතා පැය හතරක මිලිටරි විරාමයක් ආරම්භ කරන බවයි.

Share This