අල්ලස් ගත් කළුතර පොලිස් සැරයන් අත්අඩංගුවට

අල්ලස් ගත් කළුතර පොලිස් සැරයන් අත්අඩංගුවට

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් පාවිච්චි කල පුද්ගලයකු අධිකරණ කටයුතු වලින් තොරව මුදාහැරීමට රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා නිළධාරින් විසින් අත් අඩංගුවට ගත් බව කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසුවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක්.

සැකකාර පොලිස් සැරයන්වරයා කළුතර නාගොඩ හන්දියේ මාර්ග බාධකයක රාජකාරි කරම්න් සිටියදී කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයක් පාවිච්චි කල පුද්ගලයකු පොලිස් භාරයට ගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් නොකොට මුදාහැරීම සදහා රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගෙන තිබූ බව පොලිසිය පැවසුවා.

Share This