අල්ලස් ගත් යන්ත්‍ර ක්‍රියාකරුවෙක් සහ නඩත්තු කම්කරුවෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

අල්ලස් ගත් යන්ත්‍ර ක්‍රියාකරුවෙක් සහ නඩත්තු කම්කරුවෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රුපියල් දහතුන්දහස් දෙසීයක (රු.13,200/- ) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් කම්කරුවකු (යන්ත්‍ර ක්‍රියාකරුවකු) සහ නඩත්තු කම්කරුවකු අත්අඩංගුවට

අඩ්ඩාලවේන ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත, කොච්චිකච්චේන කුඹුරු යායට ජලය සපයන ඇල මාර්ගය සුද්දකිරීමට පැමිණිළිකාරු සභාපතිත්වය දරන ගොවි සමිතිය මගින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව අක්කරපත්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලබා දී එස්කැවේටර් යන්ත්‍රය සඳහා ගොවි සමිතිය මගින්ම ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව පවසා ,ඒ සඳහා වැඩිපුර ලීටර් 51 ක් වැයවන බව දන්වා අදාල මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසමේ නිලධාරීන් පවසන්නේ පොතුවිල් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ කම්කරුවකු (යන්ත්‍ර ක්‍රියාකරුවකු) සහ අක්කරපත්තුව සහකාර ඉංජිනේරු ඒකක කා‍ර්යාලයේ නඩත්තු කම්කරුවකු ඊයේ සවස කොමිසමේ විමර්ෂණ නිලධාරීන් ගේ අත්අඩංගුවට පත් වූ බවයි.

Share This