අලි නොමැතිව නුවර පෙරහර කිරීමේ ගැටලුවක්

අලි නොමැතිව නුවර පෙරහර කිරීමේ ගැටලුවක්

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාල සඳහා ප්‍රමාණවත් තරම් අලි ඇතුන් සොයා ගැනීමට නොහැකි නිසා පෙරහැර පැවැත්වීමේ බරපතළ ගැටලුවක් මතුව තිබෙනවා.

මහනුවර සතර මහා දේවාලයන් හි බස්නායක නිළමේවරු මේ බව ප්‍රකාශ කර තිබෙන අතර මෙහිදී දේවාල හතරටම සහභාගී කරවීමට හැකිවී තිබෙන්නේ අලි ඇතුන් 22 දෙනෙකු පමණයි.

මින් පෙර එක් දේවාලයක පමණක් අලි ඇතුන් 20කට වඩා සහභාගී වූ බවයි බස්නායක නිළමේවරු සඳහන් කර සිටියේ.

Share This