
අලි මිනිස් ගැටුම අවම කිරීමට තවත් පියවරක්
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම පාලනය කර ගැනීමට කෙටිකාලීන සහ ස්ථීරසාර විසඳුම් ලබා ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (11) පවත්වා තිබෙනවා.
ඒ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්.
අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා නව රජය මගින් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර 2025 නව අයවැය යෝජනාවලියේ දී මේ සඳහා විශාල මුදලක් වෙන් කර තිබෙන බව සඳහන්.
වනඅලි සහ මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා කඩිනම් ප්‍රායෝගික සහ විද්‍යාත්මක විසඳුම් ලබා ගැනීමේ අදහසින් මෙම සාකච්ඡාව සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
වනඅලි ගම්වැදීම හේතුවෙන් සහ වගා හානි සිදු කිරීම සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ මෙහි දී අවධානය යොමු වූ අතර මෙම ගැටලුව පාලනය කිරීමට නව රජයේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සිදුව තිබෙනවා.
වනඅලි ගැටලුවට පිළියම් ලබා ගැනීමේ අරමුණෙන් මෙම සාකච්ඡාව සිදු වූ අතර ඒ වෙනුවෙන් වන අලි ගැටුම් උග්‍ර ප්‍රදේශවල වනජීවී උප කාර්යාල 3ක් ආරම්භ කර ඇති අතර එයින් කාර්යාල 2ක වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව සඳහන්.
එමෙන්ම විදුලි වැට සාදා නිම කිරීම සහ ඒවායේ නඩත්තු කටයුතු ඉක්මන් කිරීම වෙනුවෙන් මානව සම්පත යොදා ගැනීමට අදාළ සේවක ගැටලුවට අවශ්‍ය නිළධාරීන්, බහුකාර්ය නිළධාරීන් අතුරින් ස්ථිර කිරීමෙන් සිදු කිරීමට මූලික කටයුතු මෙවර මැතිවරණයෙන් පසුව සිදු කිරීමට නියමිතයි.
මෙම ක්‍රියාවලිය සඳහා ග්‍රාම ආරක්ෂක නිළධාරීන්ට අවශ්‍ය නිසි පුහුණුව ලබා දීම මෙන්ම ප්‍රදේශයේ හඳුනාගත් අලි කොරිඩෝ 3ක් නිදහස් කරගැනීම සඳහා නිසි අධ්‍යනයකින් පසුව ඊට අදාල ඉඩම් නිදහස් කර.ගැනිමේ කටයුතු පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා.
වනඅලි ගම්වැදීම අවම කිරීමේ අරමුණෙන් ග්‍රාමීය කමිටු සෑදීම සහ ඔවුන්ට අවශ්‍ය උපදෙස් සහ පුහුණුව අමාත්‍යාංශය හරහා ලබා දීම මෙන් ම රාත්‍රී මුර සංචාර සඳහා ප්‍රමාණවත් වාහන සංචිත නොමැති බැවින් ඒ සඳහා පිළියමක් ලෙස අගමැති කාර්යාලයෙන් සහ අමාත්‍යාංශය මැදිහත් වීමෙන් වාහන ලබාදීමටත් වනඅලි ගම්වැදීමෙන් සිදු වන වගා හානි සඳහා ඉදිරියේදී කෘෂි රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට අවශ්‍ය මූලික සාකච්ඡා සිදු කිරීම ද මෙහි දී සිදුව තිබෙනවා.