අලි වැටේ ගැටී දෙදරු පියෙක් මරුට
අනුරාධපුර, මහඉලුප්පල්ලම, පුලියන්කුළම ප්රදේශයේ වත්තක වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඇද තිබූ අනාරක්ෂිත විදුලි කම්බියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහඉලුප්පල්ලම, ඉහළගම පදිංචි 34 හැවිරිදි රත්නායකගේ මධුසංක රත්නායක නම් 34 හැවිරිදි දෙදරු පියෙක්.
ඔහු ජීවිකාව ලෙස කුලීවැඩ සහ කරපිංචා කඩා අලෙවිකිරීම සිදු කරන බවත්, අද (04) උදෑසන එලෙස පුලියන්කුළම ප්රදේශයේ වත්තකට ඇතුළු වී කරපිංචා කඩා නැවත එම වත්තෙන් පිටතට ඒමට උත්සහ කිරීමේදී එම වත්ත වටා ඇද තිබූ විදුලි කම්බියක ගැටී මෙම පුද්ගලයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එම වත්තේ හිමිකරු විසින් කම්බි දෙපොටක් ඇද එය ප්රධාන විදුලි සැපයුමට සම්බන්ධ කර තිබූ බවයි සැක කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.