අලුත්දිවුල්වැව වැවෙහි වැව් බැම්ම ප්රතිසංස්කරණයට යුද හමුදා සහාය
අනුරාධපුර – ගලෙන්බිදුණුවැව, ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුත්දිවුල්වැව වැවෙහි වැව් බැම්ම ප්රතිසංස්කරණයට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.
ඊයේ බලපෑ අධික වර්ෂාපතනයත් සමග වැව් බැම්ම ඛාදනයට ලක්වීම නිසා ප්රදේශවාසී ජනතාවගේ නිවාස සහ වගාවන්ට විශාල හානියක් සිදුවීමේ අවදානමක් මතු වුණා.
කෙසේවෙතත් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා භට පිරිස් දැඩි ප්රයත්නයක් දරා වැලිකොට්ට අතුරා ඛාදනයට ලක් වූ වැව් බැම්ම ප්රතිසංස්කරණයට කටයුතු කර ප්රදේශවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.