අවධානය ගිලිහී අනාරක්ෂිත පිහිනුම් තටාකයට 12 හැවිරිදි සිසුවා බිළි (CCTV VIDEO)

අවධානය ගිලිහී අනාරක්ෂිත පිහිනුම් තටාකයට 12 හැවිරිදි සිසුවා බිළි (CCTV VIDEO)

ඕපනායක ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක දිය නෑමට ගිය 12 හැවිරිදි සිසුවෙකු දියේ ගිලිමෙන් මරුමුවට පත්ව තිබෙනවා.

ඊයේ (08) පස්වරුවේ දී මෙම සිසුවා දියේ ගිලී ඇති අතර ඉන් පසුව කහවත්ත මූලික රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව ඕපනායක පොලිසිය පැවසුවා.

මියගිය සිසුවා සමග තවත් සිසුන් පිරිසක් හෝටලයේ පිහිනුම් තටාකයේ දියනාමින් සිට ඇත්තේ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානයක් විසින් මෙදින අසරණ පවුලකට නිවසක් පරිත්‍යාග කිරිමෙන් පසු එයට සහභාගි වු පිරිස මෙම හෝටලයට පැමිණි අවස්ථාවේදීයි.

මියගිය සිසුවා ද ඔහුගේ පියා සමග හෝටලයට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

දියේ ගිලුණු සිසුවා තවත් පිරිසක් සමග දිය නාමිනි සිටින අතර දියේ ගිලෙන ආකාරය හෝටලයේ cctv කැමරාවක සටහන් වී තිබුණා.

මෙම හෝටලයේ පිහිනුම් තටාකය ආනාරක්ෂිත ආකාරයට තිබු බවත් ජීවිතාරක්ෂකයින් ද නොසිටි බවත් හදිසි මරණ පරික්ෂණයේදි අණාවරනය වූ බව අප වාර්තාකරු සදහන් කළා.

මියගිය ශිෂ්‍යයා ඕපනායක විද්‍යාකර විද්‍යාලයේ හත්වෙනි වසරේ ඉගෙනුම ලබමින් සිට තිබෙනවා.

Share This