අවන්හල තුළ ඇඟිල්ල ලෙව කෑ සිසුවාගෙන් ඩොලර් 480,000 වන්දියක් ඉල්ලයි

අවන්හල තුළ ඇඟිල්ල ලෙව කෑ සිසුවාගෙන් ඩොලර් 480,000 වන්දියක් ඉල්ලයි

ජපානයේ සුෂී අවන්හල් ජාලයක් විසින් පාසල් සිසුවෙකුට එරෙහිව ඩොලර් 480,000 වන්දියක් ඉල්ලා නඩු පවරා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිසුවා තම ඇඟිල්ල ලෙවකා පසුව සුෂී පිගානක් ස්පර්ශ කරන අකාරය සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවයි.

Sushiro අවන්හල් ජාලය පවත්වාගෙන යන Akindo Sushiro සමාගම පවසන්නේ Gifu නගරයේ Sushiro අවන්හලේදී ඔහු කළ ක්‍රියාවන්හි දර්ශන ප්‍රචලිත වීමත් සමග ගනුදෙනුකරුවන්ගේ පහත වැටීමකට ලක්ව ඇති බවයි.

ශිෂ්‍යයාගේ දර්ශනවල ඔහු සෝයා සෝස් බෝතලයක් සහ කෝප්පයක් ලෙවකන ආකාරය ද පෙන්නුම් කර තිබෙනවා.

වීඩියෝව සමාජ මාධ්‍ය පුරා ප්‍රචලිත වීමෙන් පසු එහි මව් සමාගමේ කොටස්වල සිදු වූ පසුබෑමක් හේතුවෙන් sushiro අවන්හල් ජාලයට ඩොලර් මිලියන 115 පමණ අහිමි වී ඇති බවයි සඳහන් වන්නේ.

Share This