අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ල – ඉහළ තල්දූවල ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

ඊයේ (20) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවට 119 දුරකථන අංකයට ලැබුණු පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවයි පොලිසිය පැවසුවේ

ඒ අනුව අනාවරණය වී ඇත්තේ අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා පළාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබු සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි හා 36 හැවිරිදි වියේපසු වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි

සිද්ධියෙන් තුවාල ලැබු තුවාලකරුවන් වයස අවුරුදු 42 ක් හා 43ක් වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

එමෙන්ම වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share This