අසංවේදී මිනිසුන්ගේ වෙඩි උන්ඩවලට ගොදුරුව දුක් විදින වන අලි ප්‍රජාව (VIDEO)

අසංවේදී මිනිසුන්ගේ වෙඩි උන්ඩවලට ගොදුරුව දුක් විදින වන අලි ප්‍රජාව (VIDEO)

වෙඩි තැබීම්, හක්ක පටස් තැබීම් සහ මදු ඇටවීම් ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින වන අලින්ට සිදු වන බලපෑම ඉහළ ගොස් තිබෙනවා.

එකී බලපෑම කැමරා කාචයක සටහන් වුණු අනුවේදනීය පුවතක් අපට වාර්තා වුණේ අඹන්පොළ ගැටදිවුල ප්‍රදේශයෙන්.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්තවලට අනුව 2024 වසරේදී වන අලිමරණ 388ක් වාර්තා වී තිබුණා.

කෙසේ වෙතත් මේ වසරේ මුල් කමාස 6 තුළ වාර්තා වී ඇති වනඅලි මරණ සංඛ්‍යාව 240 කට අධිකයි.

එවන් පසුබිමක මිනිසා සහ සොබාදහම අතර ඇති ගැටුමට මනා නිදසුනක් වනජීවී කැමරා ශිල්පියෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණේ අඹන්පොල අලිමංකඩක දීයි.

අලි රංචුවක සිටින අලින් සිව්දෙනෙකුටම ගමන් කිරීමට අපහසුව තිබුණේ එම සතුන්ගේ පදවලට එල්ලවී තිබූ වෙඩි ප්‍රහාර නිසා ඇති වූ ආභාධ හේතුවෙන්.

පිරිමි සතුන් තිදෙනෙකු සහ එක් කෙනෙරක මේ ආකාරයෙන් පාදයේ ආබාධයන් නිසා අපහසුවෙන් ඇවිදින ආකාරය වාර්තා වුණා.

Share This