අසල්වැසියාට එක දෙන්න ‘ඉන්දියාවේ පැවති ඉහළපෙළේ සාකච්ඡාවේ’ තොරතුරු මෙන්න
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අසල්වැසියාට ප්‍රමුඛත්වය යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට අදාළව ඉහළපෙළේ සාකච්ඡාවක් පැවැත්වීමට ඉන්දීය විදේශ අමාත්‍යංශය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ එරට විදේශ අමාත්‍යංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ගණනාවක නියෝජිතයන්ගෙන් සමන්විතව මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි.
එහිදී අදාළ සියලු අමාත්‍යංශවල නියෝජිතයන්ගෙන් සමන්විතව අසල්වැසියාට ප්‍රමුඛත්වය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සදහා ඒකාබද්ධ නියෝජිත කමිටුවක් ස්ථාපිත කිරීමට ද පියවර ගෙන ඇති බව ද සඳහන්.
මේ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, මාලදිවයින, බංගලිදේශය, මියන්මාරය, ඇෆ්ගනිස්තානය යන රටවලට අදාළ මානුෂීක ආධාර සහ සංවර්ධනය සහාය ලබාදීම පිළිබදවත් අදාළ ගැටලු විසදා ගැනීම පිළිබදවත් අවධානය යොමු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.