
අස්වැන්නට මිලක් නැතැයි ගොවීන් ගෙන් මැසිවිලි
මේ වනවිට රට තුළ පොහොර හිඟයක් නොමැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
පොහොර හිගයක් ඇතැයි ගොවීන් කරන චෝදනාවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළා.
මේ අතර වාගවන් රැසක නිරත ගොවීන් චෝදනා කරන්නේ තම අස්වනු සඳහා නිසි මිලක් නොමැති බවයි.
වත්මන් රජය පාකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් බඩ ඉරිඟු ආනයනය කිරීම තුළින් බඩ ඉරිඟුවල මිල අඩු වී ඇති බව දේශීය බඩ ඉරිඟු ගොවින් පවසනවා.
මේ අතර මුං ඇට ආනයනය හේතුවෙන් දේශීය මුං ගොවීයාට නිසි මිලක් අහිමිව ඇතැයි ගොවීන් චෝදනා කරනවා.