
අස්වැසුම දෙවන අදියර ප්‍රතිලාභීන්ට ගෙවීම් අද බැංකු ගිනුමට
අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් ගේ පළමු අස්වැසුම දීමනාව අද දින (30) ඔවුන්ගේ බැංකු ගිනුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල,ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය පවසන්නේ එක් බිලියන හත්සිය අනූහතර මිලියන තුන්සිය අසූතුන් දහස් හත්සිය පනහක මුදලක් ප්රතිලාභ පවුල් 217,645 වෙනුවෙන් වෙන් කර ඇති බවයි.