අස්වැසුම නොලැබූවන්ට අස්වැසුමට අවස්ථාවක්

අස්වැසුම නොලැබූවන්ට අස්වැසුමට අවස්ථාවක්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් ගේ නාම ලේඛනය මේ වනවිට ප්‍රසිද්ධ කර තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ එම නිල ලේඛනය www.wbb.gov.lk වෙබ් අඩවියේ ඇතුලත් කර ඇති බවයි.

එම මන්ඩලය නිකුත් කල නිවේදනයක දැක් වුණේ අස්වැසුම අදියර සඳහා සුදුසුකම් නොලැබූ පවුල් , තැනැත්තන්ට සහ මූලික අයදුම්පතක් ලබා දී තිබුණද නිවාස
තොරතුරු එක්රැස් කිරීමට ක්ෂේත්‍ර හිලධාරියෙකු තම නිවසට නොපැමිණි සියලු අයඳුම්කරුවන්ටද අභියාචනාවක් ඉදිරිපත් කළ හැකි බවයි.

අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට නුසුදුසුබව තහවුරු කිරීමට හැකි පවුල් , තැනැත්තන් පිලිබඳ මහජනතාවට විරෝධතාවයන් තිබේ නම් ඉදිරිපත් කළ හැකි නවත් එම නිවේදනයේ දැක්වෙනවා.

අබියාචනා ඉදිරිපත් කිරීමට සහ විරෝධතා පළ කිරීමට සුබසාධක ප්‍රතිලාහ මණ්ඩලයේ නිල වෙබ් අඩවියට පිවිස අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ මෙනුවට ඇතුළත්වී මාර්ග ගත ආකාරයට තමන් විසින්ම සිදු කළ හැකි බවත් එම නිවේදනයේ සදහන්.

මීට අමතරව අභියාචනාකරුවන්ට සහ විරෝධතා ඉදිරිපත් කරන්නන්ට තමා අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සුබසාධක තොරතුරු ඒකකයට ගොස් මාර්ගගත ආකාරයට අභියාචනා හෝ විරෝධතා පද්ධතිගත කිරීමට හැකියාව පවතිනවා.

අභියාචනා පද්ධතිගත කිරීමේදී සියලුම අභියාචනාකරුවන්ට සක්‍රීය, නිවැරදි ජංගම දුරකථන අංකයක් නිබිය යුතු අතර දැනට පද්ධතියේ සදහන් වී ඇති ජංගම දූරකථන අංකය නිවැරදි නොවන හෝ අක්‍රීය තත්ත්වයේ තිබේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් පද්ධතියට නව ජංගම දුරකථන අංකය ඇතුලත් කිරීමේ හැකියාව පවතිනවා.

Share This