අසාත්මිකතාවක් ඇති තරුණියකට ගුවන් ගමනේදී රටකජු ගැනීමට බල කරයි

අසාත්මිකතාවක් ඇති තරුණියකට ගුවන් ගමනේදී රටකජු ගැනීමට බල කරයි

රටකජුවලට ආසාත්මිකතාවයක් ඇති එක්සත් රාජධානියේ කාන්තාවකට ගුවන් ගමනේදී රටකජු පැකට් 48ක් මිලදී ගැනීමට බල කර තිබෙනවා.

27 හැවිරිදි Leah William නම් කාන්තාවට ජර්මනියේ සිට ලන්ඩන් දක්වා ගමන් කළ ගුවන් යානය තුළ රටකජු පැකට්ටුවක් මිලදී ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මැදිරියේ කාර්ය මණ්ඩලය පැවසූ නිසා ඒවා මිලදී ගැනීමට සිදු වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

William රටකජුවලට දැඩි ලෙස අසාත්මික වීමෙන් පසුව යුරෝ 144 ඖෂධ සඳහාද වියදම් කර තිබෙනවා.

William මහත්මිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ එම තත්ත්වය හැසිරවු ආකාරය ගැන ගුවන් සමාගම ලැජ්ජා විය යුතු බවයි.

පිළිතුරු ලෙසින් එම එම ගුවන් සමාගමේ නිලධාරීන් පවසා ඇත්තේ William ට සිදුවු අපහසුතාවය ගැන කණගාටු වන බවයි.

තම ගමන් මලු තුළ අසාත්මිකතා සඳහා ඖෂධ රැගෙන එන ලෙසත්, අසාත්මිකතා පිළිබඳව මැදිරි කාර්ය මණ්ඩලයට කල්තියා දැනුම් දෙන ලෙසත් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This