අසුන දී ඉවත් වූ ‘කැටගොඩ ‘ වරප්‍රසාද ගැන කියන කතාව

අසුන දී ඉවත් වූ ‘කැටගොඩ ‘ වරප්‍රසාද ගැන කියන කතාව

තමන් බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රී අසුන ලබා දී ඉවත් වුණේ කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසනවා.

ඉරිදා පුවත්පතක් සමග සාකච්ඡාවක දී ඔහු සඳහන් කර ඇත්තේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණේ රට සහ පක්ෂය ඉදිරියට ගෙන යා හැකි නායකයෙකුට අවස්ථාව දීමට බවයි.

“ජනාධිපතිවරයාට ශක්තියක් වෙන්න පුළුවන් තවත් නායකයෙක් එකතු කර ගැනීම වැදගත්

ඒ නිසා තමයි මම ඉල්ලා අස්වී එතුමාට ඒ අවස්ථාව ලබා දුන්නේ.

මේ පොදුජන පෙරමුණ කියන්නේ දැවැන්තම පක්ෂයක්.ඒ පක්ෂය ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයෙකුට අවස්ථාව දෙන්න ඕනෑ නිසා තමයි මම ඉල්ලා අස් වුණේ. නැතුව කිසිම වරප්‍රසාදයක් හෝ වෙනත් වාසි ලබාගන්න නොවෙයි.”

යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණා.

Share This