භූමිකම්පාවෙන් මියගිය ගණන 16,000 දක්වා ඉහළට (UPDATE 01)

භූමිකම්පාවෙන් මියගිය ගණන 16,000 දක්වා ඉහළට (UPDATE 01)

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ සඳුදා ඇති වූ භූමිකම්පාවෙන් 16,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නවාතැන්, ජලය, ඉන්ධන හෝ විදුලිය නොමැතිව දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වීමේ අවධානමක් පවතිනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ

ගැලවුම්කරුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති නමුත් සුන්බුන් යට තවමත් සිරවී සිටින බොහෝ දෙනාගේ ජීවත්වීම පිළිබඳ බලාපොරොත්තු බොඳ වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

සිරියාවට අවශ්‍ය සැපයුම් බෙදා හැරීම සඳහා තවත් දේශසීමා හරස් මාර්ග දෙකක් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව තුර්කිය පවසා තිබෙනවා.

ජර්මනියේ දුරකථන ක්‍රියාකරුවන් විසින් දැනට තුර්කියට සහ සිරියාවට සියලුම ඇමතුම් සහ කෙටි පණිවිඩ නොමිලේ ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

……………………………………………………………………………………………..

Feb 9, 2023 at 09:34

අහිංසක ජීවිත 15,000ක් බිළිගත් ‘නිමා නොවූ’ භූ කම්පන ඛේදවාචකය

සඳුදා(06) තුර්කියට සහ සිරියාවට බලපෑ ව්‍යසනකාරී භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 15,000 කට වැඩි පිරිසක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දෙරටේම භූමිකම්පාවෙන් මිලියන 23 ක් පමණ පීඩාවට පත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා.

සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්න තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This