ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට

මුදල් අමාත්‍යංශයේ නව ලේකම් ලෙස පසුගියදා පාර්ලිමෙන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත්කර තිබෙනවා.

මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.
අදාල පත්වීම ක්නාධිපති ලේකම් ආචාර්ය නන්දික ස්නත් කුමානායක මහතා විසින් අද පෙරවරුවේ ඒ මහතා වෙත බාරදීමට කටයුතු කළා.

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස සූරියප්පෙරුම මහතා වසර ගණනාවක් ප්‍රාග්ධන වෙළෙදපල නියාමනයට මැදියත්ව කටයුතු කර තිබෙනවා.

එහිදී ලෝක බැංකුවේ පහසුවෙන් ව්‍යාපාරකරණයට අදාලව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව, සුළු පරිමාණ ආයෝජකයින්ගේ රැකවරණ පිළිබද ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව 74 වන ස්ථානයේ සිට 28 වැනි ස්ථානය දක්වා ඉහළට ගෙන ඒ මටද සමත් වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධිය ලබා පසුව මැලේසියාවේ කළමනාකරණ හා විද්‍යා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමිකරගෙන තිබෙනවා.

 

Share This