ආජන්ටිනාවේ මත්ද්‍රව්‍ය විසවීමකින් 16ක් ජීවිතක්ෂයට -50ක් රෝහලට
ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් ප්‍රදේශයේ 16 දෙනෙකු මිය ගොස් 50 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මත්ද්‍රව්‍ය විස වීමකින් මෙලෙස සිදුව ඇති බවයි බලධාරීන් විශ්වාසය පළ කරන්නේ.
එරට ප්‍රාදේශීය ආරක්ෂක අමාත්‍යවරයා පැය 24 තුළ කොකේන් මිලදී ගත් ඕනෑම පරිශීලකයෙකුට එය විසි කරන ලෙස ඉල්ලා තිබෙනවා
මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9ක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ