ආණ්ඩුවට එරෙහිව  ඒකාබද්ධ විපක්ෂයෙන් “මහජන හඬ”

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් “මහජන හඬ”

ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂය ඒකාබද්ධව පවත්වනු ලබන ජනරැළිය “මහජන හඬ” නමින් නොවැම්බර් 21 වැනි දා සවස 2.00ට නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව රට දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට (27) උදෑසන 9.30ට කොළඹදී පැවැත්වීමට ද නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,පොදු ජන එක්සත් පෙරමුණ, ඇතුළු විරුද්ධ පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 30 කට අධික සංඛ්‍යාවක් මෙම ජන රැළියට එක්වීමට නියමිත බව ද වාර්තා වනවා.

Share This