ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කෙරේ

ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කෙරේ

2024 මහ මැතිවරණය හා අනුගත මැතිවරණ ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා

ඒ අනුව ආදයම් වියදම් වාර්තාභාර දීමට ක්‍රියා නොකළ අපේක්ෂකයින් 1042කගේ සහ පක්ෂ ලේකම්වරු මෙන්ම ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවයි පොලීසිය පැවසුවේ

එමෙන්ම මෙම වගඋත්තරකරුවන්ට, අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසයන්හි, කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් නියෝජ්‍ය පොලිස්පති නීති දිසාවගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන ආරම්භ කිරීමටයි පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත්තේ

ඒ අනුව කොට්ඨාස භාර නිලධාරීන් විසින් ලබන31 වන දිනට ප්‍රථම එකී විමර්ශනවලට අදාළ උධෘත සකස් කොට නීතිපති උපදෙස් ලබා ගැනීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා

Share This