ආධාර ට්‍රක් රථ 30කට වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට

ආධාර ට්‍රක් රථ 30කට වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට

ආධාර ට්‍රක් රථ 30කට වැඩි ප්‍රමාණයක් ඊයේ ( 29) ගාසා තීරයට ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ගාසා තීරයට විශාලතම මානුෂීය ආධාර පෙළක් අවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) පැවසුවේ ජලය, ආහාර සහ වෛද්‍ය සැපයුම් රැගත් ට්‍රක් රථ 33 ක් ඊජිප්තුවේ රෆා දේශසීමා හරහා ගොස් ඇති බවයි.

ඔක්තෝබර් 21 වැනිදා ආධාර බෙදා දීම නැවත ආරම්භ කිරීමෙන් පසු ට්‍රක් රථ 117ක් රෆා හරහා ගාසා තීරයට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ .

Share This