
“ආනන්දනීය මානෙල්” ආදරයයි ගෞරවයයි විතරමයි…
ලාංකේය කලා අඹර දීප්තිමත් කළ තරු පොකුරේ දිදුලන තරු යුගලක් ලෙසයි ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු යුවළ හඳුන්වන්නේ.
ඒ ආදරය, ගෞරවයක් කරමින් මානෙල් වානගුරුට හා ආනන්ද වික්රමගේට උපහාර පුදකළ සන්ධ්‍යාවයි ‘ආනන්දනීය මානෙල්’
දශක ගණනාවක් සිනමාව, පුංචි තිරය මෙන්ම වේදිකාවද තම රංග ලීලාවෙන් ඔපවත් කළ ආදරණීය යුවලක් ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු.
සිංහල සිනමාව තුළ නොමැකෙන මතක සටහන් රැසක් තැබූ අපූර්ව රංග ශිල්පියෙක් ආනන්ද වික්‍රමගේ.
ඒ ආදරය ලාංකේය ප්‍රේක්ෂකයින් තුළ සදාකාලික ආදරයක්.
දශක කිහිපයකට පෙර සිනමාව නිසාම ආනන්ද වික්‍රමගේ ආදරයෙන් බැඳුණු පෙම් පුවත ලියවෙන්නට පටන් ගත්තේ මානෙල් වානගුරු සමඟයි.
මානෙල් වානගුරු එදා මෙදාතුළ සිංහලේ නමක් දිනූ ඉහළ ප්‍රේක්ෂක ආකර්ශනය දිනූ චිත්‍රපට රංගනය තුළින් ලාංකේය රසවතුන්ගේ ආදරය දිනාගත් ආදරවන්තියක්.
ආනන්ද – මානෙල් මේ තරු පවුල, තරු අසිරියෙන් පිරී ඉතිරී ගිය පවුලක් බවට පත් වුණේ ජනිත් හා සංඛේත් සමඟින්.
ජනිත් තරුණ පරපුරේ කාගේත් හදදිනූ රංගන ශිල්පියෙක්.
ආනන්ද මානෙල් තරු පවුලේ තරු වර්ණය වගේම ආදරය, ගෞරවය ලෝකයකට රැගෙන ගිය තරු ලකුණයි ජනිත්.
වත්මන් තරුණ පරපුරේ ආදරය දිනූ ජනිත් රටක ආදරය අරගෙන මානෙල් වානගුරු මවගේ උපන් දිනයදා තම මවටත්, පියාටත් උපහාර දක්වන්න කලා ලොව ජ්‍යෙෂ්ඨයින් සුමිතුරන් සමඟින් කරළියට ගෙන ආ ආදරණීය සන්ධ්‍යාවයි ‘ආනන්දනීය මානෙල්’
ඒ විතරක් නෙමෙයි, ‘ආනන්දනීය මානෙල්’ කියන්නෙ පුතෙක් උපන් දිනය දවසේ තමන්ගෙ මෑණියන්ට දීපු ආදරණීයම තෑග්ගක්.













