ආපදා තත්ත්වය හේතුවෙන් ලක්ෂ 39කට විදුලිය නැති වෙලා

ආපදා තත්ත්වය හේතුවෙන් ලක්ෂ 39කට විදුලිය නැති වෙලා

ආපදා තත්ත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39ක පමණ පාරිභෝගික ජනතාවගෙන් 85% කට පමණ යළි සම්බන්ධතා ලබා දීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත පවසයි.

ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පැවසුවේ, විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 70කට ආසන්න පිරිසක් රට පුරා සිටින අතර ඒ අතරින් ලක්ෂ 39කට විදුලි සම්බන්ධතා බිඳ වැටුණ බවයි.

ඔවුන්ගෙන් 85%ට පමණ මේ වන විට යළි විදුලි සම්බන්ධතා ලබා දී අවසන් .

ඇතිවු හදිසි ආපදා තත්ත්වය තුළ ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් අක්‍රීය වූ අතර එයින් 14,549ක් යළි ක්‍රියාත්මක කිරීමට වූ බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

 

Share This