ආපදා තත්ත්වයෙන් පවුල් 8944 කට පීඩා

ආපදා තත්ත්වයෙන් පවුල් 8944 කට පීඩා

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල පවුල් 8944 කට අයත් 33960 ක් පීඩාවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මීට අමතරව පුද්ගලයන් හතරදෙනෙකු මියගොස් තවත් දසදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 973 කට අර්ධ හානි සිදුව තවත් නිවාස තුනකට පූර්ණ හානි සිදුව තිබෙනවා.

මේ වනවිට ආරක්ෂිත ස්ථාන 3ක පවුල් 74කට අයත් 246 ක් රඳවා ඇති බව සඳහන්.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර එහි පවුල් 4210කට අයත් 17073 ක පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

Share This