ආපදාවට ලක් වූ මාර්ග 159 ක් ගමනා ගමනයට විවෘත වේ

ආපදාවට ලක් වූ මාර්ග 159 ක් ගමනා ගමනයට විවෘත වේ

ආපදා තත්ත්වය නිසා වසා දමා තිබූ මාර්ග 159 ක් මේ වනවිට ගමනා ගමනයට සුදුසු තත්ත්වයට පත් කර ඇතැයි ‍මාර්ග සංවර්ධන පවසනවා.

ඒ අනුව මේ වන විට

A-004 – කොළඹ – රත්නපුර – වැල්ලවාය – මඩකලපුව මාර්ගය

A-026 මහනුවර – මහියංගනය – පදියතලාව

AA 006 අඹේපුස්ස – කුරුණෑගල – ත්‍රිකුණාමලය

AA-010 කටුගස්තොට – කුරුණෑගල – පුත්තලම

AA 003 පෑලියගොඩ – පුත්තලම මර්ගය ඇතුලු තවත් ප්‍රධාන මාර්ග ගණනාවක්

ආපදා තත්ත්වය සමග නඩත්තු හා අලුත්වැඩියා කටයුතු වේගවත් කිරීම, මාර්ග ආරක්ෂාව සහ ජනතාවගේ දෛනික කටයුතු පහසු කරගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු කණ්ඩායම් සහ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය අඛණ්ඩව දිවා – රාත්‍රී කටයුතු කරමින් සෙසු මර්ග ද පිළිසකර කිරීමේ යෙදී සිටිනවා.

Share This