ආර්.සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව දක්වන්න හෙට පාර්ලිමේන්තුවට

ආර්.සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව දක්වන්න හෙට පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත ආර්.සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට (03) පාර්ලිමේන්තු ද්වාරයේ ප්‍රධාන උත්සව ශාලාවේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට පස්වරු 3.00 සිට 4.00 දක්වා ඒ මහතාගේ දේහය මෙලෙස තැන්පත් කෙරෙන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩුව පවතින බව කතානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.

එමෙන්ම ආර්.සම්පන්දන් මහතාගේ අභාවය වෙනුවෙන් කතානායකවරයා සිය ශෝකය ද එහිදී පළ කළා.

Share This