ආර්ථික අර්බුදය හේතුවෙන් චීනයේ ව්‍යාපෘති නවතී

ආර්ථික අර්බුදය හේතුවෙන් චීනයේ ව්‍යාපෘති නවතී

චීනය තුළ පවතින ආර්ථික අර්බුධය හේතුවෙන් ක්ෂ්‍රේත්‍ර රැසක කඩා වැටීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට දේපළ වෙළඳාම් අංශය ඒ අතරින් ප්‍රමුඛ වන අතර ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් අතරමග නවතා දමා ඇති බවයි එම වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

ඒ අතර චීනයේ දේපළ වෙළඳාම් ක්ෂ්‍රේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස සැලකෙන Country Garden සමාගම විසින් ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘති ද වන බව සඳහන්.

එවැනි විශාල සමාගමක් පවා මූල්‍ය අර්බුධයකට පත්ව සිටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ චීනය ලොවට සඟවන එහෙත් රට තුළ පවතින අර්බුදය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ

Share This