ආර්ථික අර්බුදයෙන් මිදීමට පාකිස්ථානය සුදානම් වන හැටි

ආර්ථික අර්බුදයෙන් මිදීමට පාකිස්ථානය සුදානම් වන හැටි

ආර්ථික අර්බුදයෙන් මිදීමට චීනය සමග නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පාකිස්ථානය සූදානම් වනවා.

නව වැඩපිළිවෙළ අනුව යෝජනා වී ඇත්තේ චීන ආයෝජන හරහා චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝව යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 05 ක පිරිවැයෙන් සියයට 20 ක මුදලක් පාකිස්ථානට ලබාදීමටයි.

ව්‍යපෘතිවල නියැලී සිටින චීන සමාගම මගින් එම මුදල් ලබාදෙනු ඇති.

අදාළ ව්‍යාපෘතිවල නිරත සේවකයින් සඳහා වැටුප් ගෙවීම වැනි වියදම් වෙනුවෙන් එම මුදල් යොදා ගැනීමටයි යෝජනා වී ඇත්තේ.

චීන සමාගම විසින් අදාළ මුදල් ප්‍රමාණය අමෙරිකානු මුදලින් රට තුළට ගෙන ඒම ද එක් යෝජනාවක් වනවා.

එය පාකිස්ථාන මහ බැංකුවේ විශේෂ ගිණුමක තැන්පත් කෙරෙන අතර චීන සමාගම්වලට එම මුදල් ලබා ගත හැකි වන්නේ පාකිස්ථාන මුදල් ඒකකයෙන්.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සහ එරට කැබිනට් මණ්ඩලය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

කෙසේවෙතත් මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් පාකිස්ථානය මේවනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට හා විදේශ විනිමය අර්බුදයට යම් සහනයක් හිමිවනු ඇතැයි අපේක්ෂිතයි.

ඊට හේතුව වන්නේ මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ඒ හරහා හිමිවන මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 4 ක්.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී පාකිස්ථානට එක් ගැටළුවක් පවතින බවද වාර්තා වනවා.

ඊට හේතුව වන්නේ මේවනවිට මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ඉල්ලා සිටිමයි.

එබැවින් මෙම චීන – පාකිස්ථාන නව ගනුදෙනුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන ප්‍රතිචාරය මේවනවිට අවිනිශ්චිත තත්ත්වයක පවතිව බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Share This