ආර්ථික කුණාටුව මත්තල සහ රත්මලානටත් බලපෑ හැටි(VIDEO)

ආර්ථික කුණාටුව මත්තල සහ රත්මලානටත් බලපෑ හැටි(VIDEO)

දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි දිනපතා පළවන පුවත්පතක සඳහන් කරනවා

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ ආර්ථික අර්බුදය හේතුවෙන් පවත්වාගෙන යෑමේ(නඩත්තු කිරීමේ ) දුෂ්කරතා සහ ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම යනාදී හේතු මත මෙම ගුවන් තොටුපොළවල් තවදුරටත් පවත්වාගෙන යෑම විශාල ප්‍රශ්නයක්වී ඇති බවයි.

විශේෂයෙන්ම ගුවන්තොටුපොළවල් දෙකේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීමටද මේ වන විට විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා

මත්තල ගුවන්තොටුපළේ රාජකාරි සඳහා කාර්යය මණ්ඩලය රැගත් සුඛෝපබෝගී බස් රථයක් කටුනායක සිට දිනපතා මත්තලට ගමන් කරන බවත් එම ප්‍රවාහනය සඳහාද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා

මේ අතර රත්මලාන ගුවන් තොටුපළද අද වනවිට හුදෙකලා ගුවන් තොටුපළක් ලෙස පවතින බවයි එහි සේවකයෝ සඳහන් කර තිබෙන්නේ

රත්මලාන ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස පසුගිය මාර්තු 27 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර එදින පැමිණි මාලදිවයින ජාතික ගුවන් සේවයේ මගී ගුවන්යානය ආපසු පිටව ගොස් ඇත්තේද හිස් අතින් බවද සඳහන් වනවා .

Share This