ආර්ථිකය ස්ථාවර කිරීමට නම් දැඩි තීරණ ගැනීමට සිදුවේවි – මහ බැංකු අධිපති (වීඩියෝ)
මෙරට ආර්ථිකය මේ වනවිට පවතින්නේ දැඩි අභියෝගාත්මක සහ දුෂ්කර අවස්ථාවක බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (08) රාත්‍රියේ මෙරට සියලුම මාධ්‍ය නාලිකා ආවරණය කරමින් ‘ආර්ථික අර්බුදයේ හදිසි අවස්ථාව ‘ යන තේමාව යටතේ පැවති සංවාදයට එක්වෙමින්.
මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නම් විවිධ අවස්ථාවලදී අසීරු මෙන් ම දැඩි තීන්දු තීරණ ගැනීමට මහ බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට සිදුවන බවයි ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන්කර සිටියා.
එම සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න..