ආසියානු කුසලාන තරගයේ ශ්‍රී ලංකාවට – බංග්ලාදේශය හමුවේ ශෝක ජනක පරාජයක්  (VIDEO)

ආසියානු කුසලාන තරගයේ ශ්‍රී ලංකාවට – බංග්ලාදේශය හමුවේ ශෝක ජනක පරාජයක් (VIDEO)

ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයේ ඊයේ , ඩුබායි හිදී පැවති T20 තරගයෙන් ශ්‍රී ලංකාව ප‍රදා කඩුළු 4 ක තියුණු ජයක් වාර්තා කි‍රීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට බාර කළ අතර නියමිත පන්දුවාර 20 තුල කඩුළු 7 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.

පැතුම් නිශ්ශංක ලකුණු 22 කට සහ කුසල් මෙන්ඩිස් ලකුණු 34 කට දැවී ගියා.

දසුන් ශානක ලකුණු 64 ක් රැස් කලේ පන්දු 37 ක් තුලයි.

ඔහුගේ ලකුණු සංඛ්‍යාවට 6 පහර 6 ක් සහ 4 පහර 3 ක් ඇතුලත් වුණා.

මුස්තාෆිසුර් රහ්මාන් කඩුළු 3 ක් ලැබුවේ ලකුණු 20 කටයි.

මෙහෙදි හසන් ලකුණු 25 කට කඩුළු 2 ක් බිද දැමුවා.

පිළිතුරු ඉනිම ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ටැන්සිඩ් හසන් ලකුණු නොලබා දැවා ගැනීමට නුවන් තුෂාර සමත් වුණ ඔහු බංග්ලාදේශ පසුපෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් 1 කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 42 ක ලබාදුන්නා.

දසුන් ශානක සහ වනිදු හසරංග අතරේ කඩුළු 2 බැගින් බෙදී ගිය ද ජයග්‍රහනයට අවශ්‍ය ල්කුණු 169 ලැබුවේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි.

Share This