ආසියානු කුසලානය දිනූ අපේ කෙල්ලෝ

ආසියානු කුසලානය දිනූ අපේ කෙල්ලෝ

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගයේ කඩුලු 08ක විශිෂ්ට ජයක් හිමි කර ගනිමින් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට කණ්ඩායමක් ආසියානු කුසලානය දිනා ගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 166ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 167ක් ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගත්තා

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු හයේ පහර 02ක් සහ හතරේ පහර 09ක් සමගින් ලකුණු 61ක් රැස් කළා

එමෙන්ම හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් ලබා ගත්තේ හයේ පහර 02ක් සහ හතරේ පහර 06 ක් සමගිනුයි

තරගයේ ලකුණු සටහන පහතින්

 

 

 

 

Share This