ආසියානු කුසලානයේ පළමු තරගය ශ්‍රී ලංකාව කඩුළු 6 කින් බංග්ලාදේශය පරාජය කරයි

ආසියානු කුසලානයේ පළමු තරගය ශ්‍රී ලංකාව කඩුළු 6 කින් බංග්ලාදේශය පරාජය කරයි

ආසියානු කුසලාන T20 තරගයේ ඊයේ අබුඩාබි හි දී පැවති බී කොටසේ තරගයෙන් ශ්‍රී ලංකාව – බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 6 ක පහසු ජයක් හිමිකර ගත්තා.

ශ්‍රී ලංකාව කඩුලු 4කට රැස්කළ ලකුණු 140 ට පැතුම් නිශ්ශංක ලකුණු 50 ක් එක් කළ අතර කමිල් මිෂාර නොදැවී ලකුණු 46 ක් ලබා ගත්තා. මහේදි හසන් ලකුණු 29 ට කඩුළු 02 යි.

බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දී කියමිත පන්දු ඕවර 20 තුල කඩුලු 5කට 139 ක් රැස් කළා. එහිදී මුල් කඩුළු 5 ක් ලකුණු 53 කට බොද වැටී තිබිය දී පිටියට එක් වූ ෂමිම් හොසේන් නොදැවී ලකුණු 42 ක් සහ ජේකර් අලි නොදැවී ලකුණු 41 ක් රැස්කළා. මන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 25 ට කඩුළු 2 ක් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව පන්දු 32ක් ඉතිරිව තිබියදී බංග්ලාදේශය කඩුලු හයකින් පරාජය කළා.

හොංකොං කණ්ඩායමට එරෙහිව ලකුණු 144 ක් හඹා යාමට ඕවර 17.4 ක් වැය කිරීම සම්බන්ධයෙන් දැනටමත් විවේචනවලට මුහුණ දී සිටින බංග්ලාදේශය, සුපිරි හතර සඳහා සුදුසුකම් ලැබීමේ දුෂ්කර අවස්ථාවකට මුහුණ දී සිටිනවා.

 

 

Share This