
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 3ක්
ආපදාවෙන් විපතට පසු ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින්, හදිසි මානුෂීය ආධාර ප්රධානයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක ප්රධානය කිරීමට තීරණය කර තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ඒ බව පවසමින් සඳහන් කළේ ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මෙම ප්රධානය ලබාදෙන බවයි.
ශ්රී ලංකාව, තායිලන්තය මෙන්ම වියට්නාමයටද මෙලෙස ප්රධානයන් සිදුකිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
