ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හා අගමැති අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හා අගමැති අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono ඇතුළු නියෝජිත පිරිසක් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී

එහිදී මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පළ කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඉදිරියේදීත් අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කර සිටියේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානි Cholpon Mambetova, ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන නිළධාරි හේරත්බණ්ඩා ජයසුන්දර, ආසියානු සංවර්ධන බැංකු අංශයේ අධ්‍යක්ෂ උදේනි උඩුගහපට්ටුව සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී යන මහත්වරුන් මේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

 

Share This