ආසියාවේ පළමු NATO සම්බන්ධතා කාර්යාලය ජපානයෙන්

ආසියාවේ පළමු NATO සම්බන්ධතා කාර්යාලය ජපානයෙන්

ජපානය විසින් ආසියාවේ පළමු NATO සම්බන්ධතා කාර්යාලය විවෘත කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි කියා සිටියේ රුසියාවේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිසා ලෝක සාමයේ ස්ථාවරත්වය අඩපණ කර ඇති බවයි.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම යුරෝපයේ දේශසීමාවෙන් ඔබ්බට ගිය සිදුවීමක් වන නිසා ආසියානු කලාපීය ආරක්ෂාව පිළිබඳව මීට වඩා සැළකිලිමත් විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.

නැගෙනහිර යුරෝපයේ සිදුවන දෙයක් නැගෙනහිර යුරෝපයට පමණක් සීමා නොවන අතර එය ආසියානු කලාපයටත් බලපාන බැවින් ආසියාව සහ NATO සංවිධානය අතර සහයෝගීතාව වැඩි විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රුසියාවේ යුක්රේනය ආක්‍රමණය යුරෝපය පුරා නොසන්සුන් තත්ත්වයක් ඇති කළ අතර ෆින්ලන්තය සහ ස්වීඩනය ඔවුන්ගේ ස්වාධීනත්වය අත්හැර දමා NATO සංවිධානය හා එක්ව තිබෙනවා.

ආසියාව සහයෝගීතාව සඳහා පොරොන්දු වූ දේශයක් වන අතර සාමකාමී සංවර්ධනය සඳහා තෝතැන්නක් වන බවත් එය භූ දේශපාලනික සටන් සොයන අයට වේදිකාවක් නොවිය යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පවසනවා.

Share This