ඇට්ලාන්ටා ජෝජියා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජා මහෝත්සවය

ඇට්ලාන්ටා ජෝජියා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජා මහෝත්සවය

ඇමරිකාවේ ඇට්ලාන්ටා ප්‍රාන්තයේ ජෝජියා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජා මහෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් සංවිධානය කර තිබුණා.

ජෝර්ජියා බෞද්ධ විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සිව්වනක් අරණ නිර්මාතෘ, ප්‍රවචන කීර්ති ශ්‍රී ප්‍රඥානන්ද අති පූජ්‍ය පනම්වෙල වජිර බුද්ධි නායක හිමියන්ගේ අවවාද අනුශාසනා මතයි මෙම කඨින චීවර පූජා මහෝත්සවය සංවිධාන වී තිබුණේ.

ඉන්දියාවේ රජගහනුවර වේළුවන විහාරයේ නිර්මාතෘ පූජ්‍ය පල්ලේගම විජිත නාහිමියන්, පනම්වල වජිරබෝධි හිමියන්, ඔක්කොම්පිටියේ දීපංකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙම කඨින චීවර පූජා මහෝත්සවයට වැඩම කරනු ලැබුවා.

Share This