ඇතැම් දේශපාලනඥයින් අපේ ජනතාව කොටස් වශයෙන් බෙදා වෙන් කළා -ඇමති විජයදාස රාජපක්ෂ-

ඇතැම් දේශපාලනඥයින් අපේ ජනතාව කොටස් වශයෙන් බෙදා වෙන් කළා -ඇමති විජයදාස රාජපක්ෂ-

ජනතාව ආගම්වාදී නොමැති අතර ඒ අයට අවශ්‍ය ජාතික හා ආගමික සමගිය බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඇතැම් දේශපාලන පාර්ශ්වකරුවන් ජනතාව කොටස් වශයෙන් බෙදා වෙන් කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම ඇතැම් දේශපාලනඥයින්ගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන්ම පසුගිය කාලය තුළ ජනතාවට දේශපාලනය එපා වූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලත් පාර්ශ්වයන් හට මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් පිරිනැමීමේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වා තිබෙන බව සඳහන්.

Share This