ඇන්ටෝනියෝ ගුටරෙස් සෝමාලියාවේ අගනුවරට

ඇන්ටෝනියෝ ගුටරෙස් සෝමාලියාවේ අගනුවරට

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සෝමාලියාවේ Mogadishu අගනුවරට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ සංචාරයේ අරමුණ පිළිබඳ තොරතුරු පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සෝමාලියාවේ අන්තවාදයට එරෙහි සටනේදී එහි ජනතාව සමග එක්සත් ජාතීන්ගේ පවතින සහයෝගීතාවය පෙන්වීමට පුළුල් ලෙස අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මිලියන 8 ක පමණ ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇස්තමේන්තු කර ඇති අතර, එම ජනගහණයෙන් සැලකිය යුතු කොටසක් කාලගුණයේ දැඩි බලපෑම් නිසා සාගතයෙන් පීඩා විඳින බව ද සඳහන් කර තිබෙනවා.

ඇන්ටෝනියෝ ගුටරෙස් සෝමාලියානු ජාතික නායකයින් හමුවනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

 

Share This