
ඇමති විජිත හමුවූ පළාත් ආණ්ඩුකාරවරුන්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (10) සියලු පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවී තිබෙනවා.
ඒ සංචාරක ක්ෂේත්රය කටයුතු පිළිබඳව පළාත් සභා සහ මධ්‍යම රජය අතර සම්බන්ධීකරණයක් ඇති කරගැනීමේ අරමුණු ඇතිවයි.
මෙම සාකච්ඡාවේදී සංචාරක ක්ෂේත්රයේ පවතින ගැටලු හඳුනාගැනීම සිදුවී තිබෙනවා.
එහිදී හඳුනාගනු ලැබූ ගැටලු ගණනාවක් කඩිනමින් විසඳීමට අදාළ සැලැස්ම සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ රජයේ තිරසාර වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමත් මෙහිදී සිදුව ඇති බව සඳහන්.