ඇමරිකාවේ , ටෙනසි ප්‍රදේශයේ පුපුරනද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක පිපිරීමකින් 19 ක් අතුරුදන්

ඇමරිකාවේ , ටෙනසි ප්‍රදේශයේ පුපුරනද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක පිපිරීමකින් 19 ක් අතුරුදන්

ඇමරිකාවේ , ටෙනසි ප්‍රදේශයේ ඊයේ හමුදා පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දහනව දෙනෙකු අතුරුදහන් වී ඇතැයි හම්ෆ්‍රීස් ප්‍රාන්ත ෂෙරිෆ් ක්‍රිස් ඩේවිස් පවසනවා.

ඔහු පැවසුවේ කර්මාන්ත ශාලාවක් සමතලා කළ දැවැන්ත පිපිරීමෙන් පසු පුද්ගලයින් හතර දෙනෙකු හෝ පස් දෙනෙකු අසල රෝහලකට ගෙන ගිය බව සහ, ඉන් කිහිප දෙනෙකු මිය ගිය බව‍යි.

“විස්තර කිරීමට කිසිවක් නැත. එය නැති වී ඇත.” යනුවෙන් ඔහු මාධ්‍ය වෙත පැවසුවා.

නැෂ්විල් සිට නිරිත දෙසින් සැතපුම් 56 ක් (කිලෝමීටර් 90) පමණ දුරින් පිහිටි ටෙනසි හි බක්ස්නෝර්ට් හි පිහිටි කම්හල පුපුරණ ද්‍රව්‍ය සංවර්ධනය, නිෂ්පාදනය, හැසිරවීම සහ ගබඩා කිරීම පිළිබඳ විශේෂඥතාවක් දක්වන බව සඳහන්.

පිපිරීමට හේතුව තවමත් පැහැදිලි නැහැ.

එම ස්ථානයේ සිට ලබාගත් ගුවන් වීඩියෝවකින් ගිනිගත් සුන්බුන්, දුම් දමන වාහන සහ නිරවද්‍ය බලශක්ති පද්ධති (Accurate Energetic Systems) සතු පහසුකමේ සුළු කොටසක් පෙන්නුම් කරන බව බටහිර මාධ්‍ය වාර්තා කළා.

පැවති පළමු මාධ්‍ය හමුවේදී සංවේදී වූ ෂෙරිෆ් ඩේවිස්, කොපමණ පිරිසක් මිය ගියාද යන්න හරියටම පැවසීම ප්‍රතික්ෂේප කළා.

නමුත් පිපිරීම සිදු වූ විට කම්හල ක්‍රියාත්මක වෙමින් පැවති බවත්, ද්විතියික පිපිරීම් නිසා පළමු ප්‍රතිචාර දැක්වූවන්ට එම ස්ථානයෙන් දුරස්ථව සිටීමට සිදු වූ බවත් ඔහු සඳහන් කළා.

තම දවස ආරම්භ කළ සේවකයින් “දැන් අතුරුදහන් වී හෝ මිය ගොස් තිබිය හැකියි” ෂෙරීෆ් වරයා පැවසුවේ එවැනි අවිනිශ්චිත අදහසක්.

“බොහෝ විට, මට මෙවැනි තත්වයන් ඇති වූ විට, මම ඔවුන් ගැන සඳහන් කරන්නේ පුද්ගලයෙකුට වඩා … අපට ආත්ම 19 ක් අතුරුදහන් වී ඇත කියායි” ඩේවිස් පැවසුවා.

පැය කිහිපයකට පසු දෙවන සාකච්ඡාවකදී, පුද්ගලයින් 19 දෙනෙකු තවමත් අතුරුදන් බවත්, පිපිරීම විශාල ගොඩනැගිල්ලක සිදු වූ බවත් ඩේවිස් තහවුරු කළා.

එය වර්ග සැතපුම් භාගයක් පුරා සුන්බුන් විසි කළ බව ඔහු තවදුරටත් පවසා තිබුණා.

“මේක ප්‍රමාණවත් තරම් දැවැන්ත පිපිරීමක්. වේවර්ලිවල මිනිස්සුන්ට මේ පිපිරීම දැනුණා සහ ඇහුණා කියලා මට කියන්න පුළුවන්,” ඔහු එම අදහස පළ කළේ වයඹ දෙසින් සැතපුම් 15.5ක් (කිලෝමීටර් 25ක්) පමණ දුරින් පිහිටි නගරයක් ගැන සඳහන් කරමින්.

අක්කර 1300 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටි මෙම කර්මාන්ත ශාලාව, C-4, TNT සහ අනෙකුත් උසස් තත්ත්වයේ මිලිටරි සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කර එහි ගබඩා කර ඇතැයි සඳහන්.

නිරවද්‍ය ශක්ති පද්ධති දැන් මෙහෙයුම් නතර කර ඇති බව ෂෙරිෆ්වරයා පැවසුවා.

සමාගම පුද්ගලයින් 75 ක් පමණ සේවයේ යොදවා ඇති බවට විශ්වාස කෙරෙනවා.

මේ හේතුව නිසා මෙම හානිය ඉතා විශාල විය හැකියි.

 

Share This