ඇමෙරිකානු පවුලක් පුපුරා නොගිය කාලතුවක්කු උණ්ඩයක් රැගෙන ඊශ්‍රායල් ගුවන් තොටුපළක (VIDEO)

ඇමෙරිකානු පවුලක් පුපුරා නොගිය කාලතුවක්කු උණ්ඩයක් රැගෙන ඊශ්‍රායල් ගුවන් තොටුපළක (VIDEO)

ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂක පරීක්ෂාවකදී පුපුරා නොගිය කාලතුවක්කු උණ්ඩයක් ඇමෙරිකානු පවුලක් විසින් රැගෙන ඒමෙන් පසු බෝම්බ බියක් ඇතිව තිබෙනවා

ඇමෙරිකානු පවුලක් ගෝලාන් කඳුකරයේ සංචාරයක යෙදී සිටියදී මෙය සොයා ගෙන ඇති අතර එය සිහිවටනයක් ලෙස රැගෙන ආ  බවයි සඳහන් කර ඇත්තේ

බලධාරින් පවසා තිබෙන්නේ  ඊශ්‍රායලය සහ සිරියාව අතර යුද්ධය පැවති සමයේ තිබු එකක් බවට විශ්වාස කරන බවයි.

ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්  විසින් ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන්ට ගුවන් යානයට යාමට අවසර දී ඇති බවයි පැවසෙන්නේ

කෙසේවෙතත් එම අවස්ථාවේ ගුවන් තොටුපළේ රැඳී සිටි මිනිසුන් කලබලයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

Share This