ඇමෙරිකාවෙන් චීන ජාතිකයින්ට කොවිඩ් සීමා

ඇමෙරිකාවෙන් චීන ජාතිකයින්ට කොවිඩ් සීමා

ඇමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණයන්ට අදාළ වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 5 වනදා සිට චීනය, හොංකොං සහ මැකාවු සිට පැමිණෙන සියලු මගීන් අදාළ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා.

එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ ගුවන් මගීන් පිටත්වීමට දින දෙකකට පෙර ලබා ගත් කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් කළ යුතු බවයි.

එමෙන්ම ගුවන් ගමනට දින 10 කට පෙර කොවිඩ් ආසාදනය වී සිටි පුද්ගලයෙකු සුවය ලැබීමේ ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතිනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සම`ග අැමෙරිකා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි.

එමෙන්ම චීනයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව කොපමණ ද යන්න පිළිබඳ නිසි තොරතුරක් වාර්තා නොවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මීට අමතරව ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාව ද මේ වන විටත් චීන ජාතිකයින් රට තුළට ඇතුළුවීමේ දී සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Share This