ඇලබාමාවලට බලපෑ ටොනේඩෝවකින් 6ක් මරුට

ඇලබාමාවලට බලපෑ ටොනේඩෝවකින් 6ක් මරුට

එක්සත් ජනපදයේ ඇලබාමාවලට බලපෑ ටොනේඩෝවකින් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දකුණු එක්සත් ජනපදයට බලපෑ ටොනේඩෝව නිසා මිලියන 30කට වැඩි ජනතාවක් අවදානමට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇතිවූ කුණාටු තත්ත්වය හේතුවෙන් ඇලබාමා, ජෝර්ජියා, ටෙනසි සහ කැරොලිනාස් ප්‍රාන්ත හතරක 147,000 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර කැලිෆෝනියාවට ඇතිවූ ගංවතුර, මඩ නායයෑම් නිසා විදුලිය විසන්ධි කර ඇති අතර අයහපත් කාලගුණය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු එහිදී මියගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This