ඇල්ල ඔඩිසි E ටිකට් වංචාවට තිදෙනෙක් අත්අඩංගුවට

ඇල්ල ඔඩිසි E ටිකට් වංචාවට තිදෙනෙක් අත්අඩංගුවට

ඇල්ල ඔඩිසි දුම්රියේ සිදුවන E ටිකට් වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී තිදෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරියෙකු E ටිකට් පත් 92ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට තිබුණා

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම ටිකට් පත් සංචාරකයින්ට සහ අනෙකුත් සංචාරකයින්ට වැඩි මුදලට විකිණීම සඳහා ළඟතබා ගත් බවට කරුණු අනාවරණය වී ඇත්තේ

එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

මීට අමතරව, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ද ඔවුන්ට ලද තොරතුරකට අනුව E ටිකට්පත් 29 සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ

සැකකරු සන්තකයේ තිබී රුපියල් 131,000 ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා

එම සැකකරු ද වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර මෙම E ටිකට්පත් මොවුන්ට ලබා දුන් පිරිස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරනු ලබනවා

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ

Share This