ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ඇලෝෂියස්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් හිමිවූ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළා.

ඒ එම නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදී.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ විත්තිකරුවන්ට එරෙහි නඩුකරය මේ වන විට අපරාධමය නඩුකරයක් බවට පත්ව ඇති නිසා ඔවුන් ඇප මත මුදාහරින ලෙසයි.

නමුත් මෙහි වගඋත්තරකරුවන්ට නියම කර ඇත්තේ විකල්ප දඬුවමක් හෙයින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තා.

Share This