
ඇවිදීමේ අපහසුවෙන් සිටි මහවිලච්චියේ ඇතෙකුට නිර්වින්දනය කර ප්‍රතිකාර
ඇවිදීමේ යම් අපහසුතාවකින් පෙළෙන ඇතෙකු පිළිබදව ලද තොරතුරකට අනුව මහවිලච්චිය වනජීවි කාර්යාලය නිලධාරීන් එම ඇත සොයාගෙන ප්‍රතිකාර ආරම්භ කළා.
මෙම ඇතාට ප්‍රතිකාර ආරම්භ කළේ අනුරාධපුර කලාප භාර වනජීවි පශුවෛද්‍ය චන්ද ජයසිංහ මහතා හා වනජීවි පශු වෛද්‍ය උදේශිකා මදුවන්ති මෙනෙවිය ඇතුලු වනජීවි නිලධාරීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරමින්.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම කණ්ඩායම ඇතා සිටින රක්ෂිත ප්‍රදේශයට ලඟා වීමට හා ප්‍රතිකාර කටයුතු වලට දැඩි බාධාවක් එල්ල වුණා.
වයස අවුරුදු 25-30 අතර පසුවන වූ මෙම ඇතාගේ ඉදිරි දකුණු පාදය තරමක ඉදිමීමක් පෙන්නනුම් කර ඇති අතර ඒ හේතුවෙන් දිගු දුරක් ඇවිද යෑමට නොහැකි වී ඇති බවත්, වෙඩි පහරකින් සිදූ වූ හානියක්ද කියා තහවුරු වී නොමැති බවත් පශූ වෛද්‍යවරුන් පවසනවා.
