ඇෆ්ගන් සරණාගතයන්ට ඉරානයේ දී දරුණු වධහිංසා
ඇෆ්ගන් සරණාගතයින්ට ඉරානයේ දී වධහිංසාවන්ට මුහුණ දීමට සිදුවන බව වාර්තාවනවා.
ඉරානයේ දේශසීමා ආරක්ෂකයින් විසින් ඇෆ්ගන් සරණාගතයින්ට ශාරීරීකව විවිධ වධහිංසා පැමිණවීම් මෙන්ම ලිංගික හිරිහැර කිරීම් ද සිදුකරන බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත්තේ.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ප්රචාරක සමිරා හමිඩි ඇෆ්ගන් සරණාගතයින්ට එරෙහි වධහිංසා පිළිබඳව කනස්සල්ල පළ කළ අතර එය දරුණු අමානුෂික තත්වයක් ලෙස ද පෙන්වාදෙනවා.
සමිරා හමිඩි Radio Free Afghanistan වෙත සඳහන් කර ඇත්තේ රැකවරණය සදහා පැමිණෙන ඇෆ්ගන් සරණාගතයන්ව ඉරානයේ දේශසීමා ආරක්ෂකයින් විසින් ගිනිඅවිවලින් පහරදීම සහ ඒවා එල්ල කර බියගැන්වීම සිදුකර පළවා හැරීමේ සිදුවීම් රැසක් වාර්තා වන බවයි.
මේ තත්ත්වය හේතුවෙන් , ඉරානයේ ඇෆ්ගන් සරණාගතයින්ගේ ප්රශ්නය විසදීමට මැදිහත් වන ලෙස ද ඇය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගන් සරණාගතයින් ලක්ෂ ගණනක් ඉරානයට පළා ගිය අතර එය තවමත් නිමා නොවීම විශේෂත්වයක්.